to main page
Sinhala Explanatory Dictionary
selected terms: 73 page 1 of 4
1. සං
සමඟ; එක්ව; බොහෝ; යහපත්; ඉදිරිපිට
2. සංකර
කලවම් වූ තැනැත්තා; මිශ්‍ර උත්පත්තියක් ඇත්තා; දෙස බස රැස ගැන ඇල්මක් නැත්තා (වි) කලවම් වූ'
3. සංකලනය
මිශ්‍ර කිරීම; මිශ්‍රවීම; මිශ්‍රණය ◊ සිතුවිල්ල; කල්පනාව
4. සංක්‍රාන්තිය
සූර්යාදී ග්‍රහයන් සිටින රාශයෙන් අනික් රාශියකට යෑම; එක් අවදි යකින් තවත් අවදියකට මාරුවීම'
5. සංකාව
ලෝභ සහිත; කැලඹුණු ◊ වියෝගය නිසා ඇති වන බලවත් සිත් තැවුල; කණගාටුව
6. සංකාසන
සැකෙවින් කීම හෝ දැක්වීම
7. සංකීර්ණ
විසිරුණු; අවුල් වූ; කවලම් වූ
8. සංකුචිත
හැකුළුණු
9. සංකේතය
සලකුණ; සංඥාව; යමක් නියෝජනය කරන සලකුණ
10. සංකෝචනය
හැකිළීම
11. සංග්‍රහ
එක්රැස් කිරීම; ප්‍රියවචන; ආහාර පානාදියෙන් සතුටට පත් කිරීම
12. සංග්‍රාම
යුද්ධය; සටන
13. සංගායනවා
ධර්ම විනය ප්‍රශ්න නිරාකරණය සඳහා මහා සංඝයා පවත්වන රැස්වීම; ; සංඝ යා එක්වී කරන ධර්ම විනය සංඝායනය'
14. සංඝ
සමූහය; සිව්වනක් බෞද්ධ භික්ෂූන්ගේ එකතුව
15. සංඝ ශෝභන
සංඝයාට අලංකාරයක් වූ
16. සංඝත
එක්වූ; එකට බැදුණු සංගමය (නාප්‍ර එක්රැස්වීම; සංයෝගය
17. සංචාරක
විනෝදය සඳහා යම් යම් දේ නරඹමින් ඇවිදින (නාප්‍ර) එසේ ඇවිදින්නා
18. සංචාරය
විනෝදය; අධ්‍යාපනය ආදිය සඳහා තැනින් තැන ඇවිදීම; හැසිරීම; ඇවිදීම
19. සංචිතය
එකතු නරව ලද්ද; එකතුව
20. සංජානනය
දැනීම