to main page
Sinhala Explanatory Dictionary
selected terms: 132 page 2 of 7
21. ගිනි කරඳ
ගින්නෙන් රත් වී වළඳක ඇති වන ඉරි තැල්ම
22. ගිනි කිස
ආදාහනය කිරීම; දැවීම; පිලිස්සීම
23. ගිනි කුරුල්ලා
මූකලාන්වල වෙසෙන හිස කළු යට පැත්ත තද රතු ක ුරුල්ලෙක්'
24. ගිනි කූටකේ
ඉතා තද උෂ්ණය; දැඩි අව්ව
25. ගිනි කොටුව
උදුන; ලිප
26. ගිනි කොන
නැගෙනහිරත් දකුණත් අතර ඇති අනුදිශාව
27. ගිනි ගණන
අසාධාරණ මිල
28. ගිනි ගල
වානේ සමග ගැටීමේ දී ගිනි පුපුරු විහිදුවන ගල් ක ැබැල්ල'
29. ගිනි ග්රාස්
ගිනියා රටින් ගෙනවුත් බෝකරන ලද තරමක් උසට වැවෙන තණ කොළ වර්ගයක්'
30. ගිනි ගෙඩිය
අනුන් විපතට පත් කරන අදහසින් සිතා මතා කරන ක රදරය'
31. ගිනි ගොඩ
විශාල ගින්න; ගිනි මැලය; කරදර රාශිය
32. ගිනි ජාලාව
ඇවිළෙන ගිනි ගොඩෙන් ඉහළ නැගෙන ගිනි දැල්ල; අ ග්නි ජ්වාලය'
33. ගිනි දණ්ඩ
ගිනි පෙණෙල්ල
34. ගිනි දල
ගිනි දලුව; නියඟලා
35. ගිනි දිගු
ගිනිකොන දිශාව
36. ගිනි දුම් සේනාංකය
තුවක්කු භට හමුදාව
37. ගිනි දෙනවා
ගිනි තබනවා; කරදර හිරිහැර පමුණු වනවා; හිංසා කරනවා'
38. ගිනි දෙවියා
ගින්නට අධිපති දෙවියා; අග්නි දේවතාවා
39. ගිනි නූල
ගල් වෙඩි ආදියට ගිනි තබන සේවා නූල
40. ගිනි පට්ටල
වළන් පෝරණුව