to main page
Sinhala Explanatory Dictionary
selected terms: 254 page 2 of 13
21. චක්‍ර හරඹය
නාට්‍ය ශිල්පයේ එක්තරා අභ්‍යාස ක්‍රමයක්
22. චක්‍රය
රෝදය; කවය; වළල්ල
23. චක්‍රවාක
ජලචර පක්ෂියෙක්; සක්වා ලිහිණියා
24. චක්‍රවාටය
පෘථිවිය වෙනත් ග්‍රහලෝක හා ඉර හඳ ඇතුළත් ලෝක ධාතුව; සක්වළ'
25. චක්‍රවාතය
සුළි සුළඟ
26. චක්‍රාකාර
චක්‍රයක හැඩය ඇති
27. චකිත
තැති ගත්; කැළඹුණු; බියපත්
28. චකිතය
කැලඹිල්ල; සැකය; භය
29. චකේ
ශෝකය දුක පසුතැවීම හඟවන නිපාතයක්
30. චකෝර
ඇටි කුකුළා
31. චඤ්චල
සෙලවෙනවා ◊ සෙලවෙන
32. චඤ්චල ඡන්දය
පක්ෂයකට නො බැඳි ඡන්දය
33. චඤ්චලය
චපල බව
34. චඤ්චු පුටය
හොටයේ ඇතුළත විවරය
35. චඤ්චුව
පක්ෂියෙකුගේ තුඩ
36. චටකයා
ගේ කුරුල්ලා
37. චට්නි
පලතුරු මිරිස් විනාකිරි යොදා පිළියළෙ කරගන්න ා සූපයක්'
38. චටුල
වෙවුලන; සෙලවෙන
39. චණ්ඩ
සැඩ පරුෂ; සැහැසි; නපුරු
40. චණ්ඩ දීප්තිය
පීඩාකාරී බැබලීම