to main page
Sinhala Explanatory Dictionary
selected terms: 205 page 2 of 11
21. ජගලත් හැට්ටය
රදළ ඇඳුමේ උඩ කොටස
22. ජගලත්තුව
තලප්පාව; හිස් වැස්ම; ඇඳුම් කට්ටලය
23. ජගලතා
ප්‍රභූවරයා
24. ජග්ගිතාංගණය
ඇමදීමෙන් සකස් කළ මිදුල
25. ජඝන ස්ථලය
උකුළු තලය
26. ජඝනය
උකුළ; නිතඹ
27. ජටා පටිය
වෙස් නැට්ටුවන්ගේ ජටාවේ මුනේ සිට පිටුපසින් පා දාන්තය දක්වා දිවෙන පටිය'
28. ජටා මකුට
ඔටුන්නක් සේ මුන් කොට බැඳි කෙහෙ කලඹ
29. ජටා මඬුල්ල
හිස මතට එක් තැන් කළ කෙස් වැටිය; මණ්ඩලාකාර වූ හිස් වෙළුම'
30. ජටා විජටනය
අවුල් නිරවුල් කිරීම
31. ජටාධරයා
ජටිලයා; ජටාව දරන්නා
32. ජටාව
හැඩපලු ගෙතුණු කෙස් වැටිය; හිස් වෙළුම; අවුල
33. ජඨරය
බඩ; උදරය
34. ජඨරාග්නිය
(ජඨර+අග්නි) බඩගින්න
35. ජඩ
අක්‍රිය; අලස; හොඳ නොහොඳ නොදන්නා; නින්දිත; චපල
36. ජඩ ගතිය
පහත් ගති පැවතුම්; ලාමක බව
37. ජඩකම්
පහත් වැඩ
38. ජන
මනුෂ්‍ය වර්ගය; සමූහය
39. ජන කවිය
ජන කවීන් විසින් රචනා කරන ලද පද්‍යය
40. ජන කවියා
පොදු ජනතාව අතරින් මතු වූ පිහිටි කවිත්වයක් ඇත්ත ා'