to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 4 of 854
61. අංග සූචිය
ශරීරයේ ඉදි කටු වැනි වේදනා උපදවන වාත රෝග විශේෂයක්
62. අංග සූත්‍රය
සිද්ධාන්තය; ව්‍යාකරණයෙහි ප්‍රධාන නීතිය
63. අංග හානිය
අවයව විනාශ වීම
64. අංග හාරය
නැටීමේ දී අත් පා ආදිය චලනය කිරීම
65. අංග හීන
අවයව අඩු, ශරීරයේ අවයව සම්පූර්ණ නොවූ
66. අංගජ
(තමාගේ ම) සිරුරින් ඉපදුණු; දරු
67. අංගජා
ඖෂධ පැළෑටියක්; කංසා
68. අංගණය
එළි පෙහෙළි කළ හැකි තැනිතලා බිම; මළුව; මිදුල
69. අංගදය
අතේ උඩු කොටසෙහි පළඳින ආභරණයක්; කේයුරය; අඟු පළඳනාව
70. අංගන විංගනය
අසමගිය; වාදභේදය; ආරවුල
71. අංගනය
එළි පෙහෙළි කළ හැකි තැනිතලා බිම; මළුව; මිදුල
72. අංගනා රාශිය
කන්‍යා රාශිය
73. අංගනාව
කාන්තාව; ලිය; කත; ස්ත්‍රිය; ළඳ
74. අංගනී
අංගනාව; අංගයන්ගෙන් යුක්ත වූ ස්ත්‍රිය; අවයවයෙන් සම්පූර්ණ වූ තැනැත්තිය
75. අංගම
අදෘශ්‍යමාන බලවේගයක් විසින් අනුන්ට විපත් පමුණුවන වින කිරීමේ වෙසෙසක්; දෙදෙනෙකු අතර කෙරෙන සටන; එම සටන් පුහුණු වන ස්ථානය
76. අංගමංගජ
අංග ප්‍රත්‍යයන්ගෙන් හට ගත්; ශරීරයේ අවයවයන්හි ජනිත වූ
77. අංගම් පොරය
හෝ මල්ලව පොර; ආයුධ ඇති ව හෝ නැති ව දෙදෙනෙකු අතරේ කෙරෙන සම්ප්‍රදායානුගත කඩු සටන
78. අංගය
සිරුරේ අවයවය, කොටස; ශරීරය, දේහය; ලක්ෂණය; ශීලය, ව්‍රතය
79. අංගයා
රොඩී, (හුලවාලී) ජනයා විසින් ගම්වැසියෙකු හැඳින්වීමට යොදන වචනය
80. අංගරක්ෂක
පෞද්ගලික ආරක්ෂකයා; ශරීරාරක්ෂක භටයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword