to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 5 of 854
81. අංගරකාග්නිය
ගිනි අඟුරුවල ගින්න
82. අංගරතාව
කමිසය; බැනියම; කයේ උඩු කොටස වසන ඇඳුමක්
83. අංගවල්
රොඩී (හුලවාලී) ජනයා නපුසංක ලිංගික පද අගට යොදන වචනයක්
84. අංගාංගී
ප්‍රධාන අංගය හා උපාංග ඇති බව
85. අංගාණිය
කඩමණ්ඩිය; වෙළඳ පොළ
86. අංගාතිරේක
අංග කොටස් වශයෙන් වැඩි වන
87. අංගාර
උසුළු විසුළු; කවටකම් ◊ කාබන් නමැති මූල ද්‍රව්‍යය; අඟුරු
88. අංගාර කර්ෂුව
ගිනි අඟුරින් පිරුණු වළ
89. අංගාර චෛත්‍ය
බුදුන් වහන්සේ ආදාහනය කළ තැන අඟුරු නිදන් කොට මෞර්ය රජවරුන් විසින් පිප්ඵලී නුවර සෑදවූ සෑය
90. අංගාර ධානිකාව
ගිනි කබල
91. අංගාරකය
අඟුර; ගිනි අඟුර,නිවුණු අඟුර
92. අංගාරකරණය
ද්‍රව්‍යයක් අඟුරු හෝ කාබන් බවට පත් කිරීම
93. අංගාරක්ෂක
අංගරක්ෂක බ
94. අංගාරධර
ගල් අඟුරු සෑදෙන; ගල් අඟුරු පිහිටි; අඟුරු දැරූ
95. අංගාරිකාම්ල
කාබන්ඩයොක්සයිඩ් වායුව
96. අංගි
සිරුරක් ඇති; අවයවය ඇති ◊ රොඩී ජනයා විසින් ස්ත්‍රීන් හඳුන්වන පද අගට යොදන වචනයක්
97. අංගික
අංග සහිත; කොටස් වලින් යුක්ත; අවයව සමන්විත
98. අංගිය
ස්ත්‍රී; කොමළඟන; හැට්ටය
99. අංගිර
ස්ත්‍රීන්ගේ භාව භාව ලීලා; අඟර දඟර
100. අංගිහිංගි
හිරිහැර කම්කටොලු; කරදර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword