to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 6 of 854
101. අංගීකරණය
පිළි ගැනීම; එකඟ වීම
102. අංගීරස
ශරීරයෙන් විහිදෙන එළියක් ඇති; අංගීරස් වංශයෙහි වූ
103. අංගුට්ට
අත්පාවල මහපට ඇඟිල්ල; කකුළුවන් වැනි සතුන්ගේ පාදයක්
104. අංගුත්තර නිකාය
සූත්‍ර පිටකයට අයත් නිකාය ග්‍රන්ථ පසෙන් එකක්; අංක ක්‍රමයට ධර්මය සංග්‍රහ කළ සූත්‍ර ග්‍රන්ථය
105. අංගුලය
අඟල
106. අංගුලි
ඇඟිල්ල; අතේ හෝ පයේ ඇඟිල්ල
107. අංගුලි ත්‍රාණය
ඇඟිලි ආවරණය; දිදාලය; ඇඟිලි කොපුව
108. අංගුලි දේශය
අත් පාවල ඇඟිලි පිහිටි ප්‍රදේශය; අත්පාවල අග
109. අංගුලිකාව
අත්පාවල කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල
110. අංගෝපාංග
ශරීරය හා අවයව; ප්‍රධාන අප්‍රධාන අවයව; උපකරණ; බඩුමුට්ටු
111. අංඟුළුවා
කරදිය මිරිදිය දෙකෙහි ම වසන රැවුල් කෙඳි සහිත මත්ස්‍යයෙක්
112. අංචිය
යමකු කරදරයට පත් කිරීමට යොදන උපාය; උගුල
113. අංචිලාවා
කරදියේ වෙසෙන තෝර ගණයට අයත් මත්ස්‍යයෙක්
114. අංජන
අඳුන්; සිරුරෙහි ඇසෙහි ගල්වන කලු පාට ඖෂධීය ආලේපය
115. අංජනම
පේන කීම සඳහා පිළියෙළ කළ අඳුන
116. අංජලීය
බොකු කොට එක් කළ දෝත; (වැඳීමට) ඇඟිලි ඔසවා ගත් දෑත; දෝතට ගත් දෙය
117. අංජිලාවා
කරදියේ වෙසෙන තෝර ගණයට අයත් මත්ස්‍යයෙක් ◊ කරදිය මාලුවකුගේ නම
118. අංශ භාගය
ශරීරයේ එක් කොටසක් පණ නැති වීම ලක්ෂණ කොට ඇති රෝගය; පක්ෂාඝාතය
119. අංශකය
වෘත්තයකින් තුන්සිය හැටෙන් කොටස; උෂ්ණත්වය / කෝණ මැනීමේ ඒකකය
120. අංශය
පැත්ත; කාර්ය මණ්ඩලයක ශාඛාවක්; කොටස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword